Friday, March 25, 2011

හොල්මන් කතා 2 - මන්නයා සහ හොල්මන් සින්දු

මුල් හොල්මන් කතාව අපි කිව්වනෙ. ඊලග හොල්මන් කතාව කියන්නෙ මන්නයා ගැන.

මන්නයා කියන්නෙ සද්දන්ත මහා පුරුශයෙක් උනාට මිනිහා බය දේ වල ලිස්ට් එකක් හැදුවොත් ඒ ලිස්ට් එක කොච්චර දිග එකක් වෙයිද කියන එක හිතාගන්නත් අමාරු, විවාදාත්මක දෙයක්.  කොහොම උනත් සැහෙන දිග එකක් වෙයි  කියල තමා හැම දෙනාම හිතන්නේ.


ඉතින් කියන්නේ දෙයක් නැනේ, හොල්මන් කියන්නේ මේ ලිස්ට් එකේ උඩින්ම තියෙන අයිටම් එකක් තමා. කොච්චරද කියනවනම් මිනිහ හොල්මන් කතා අහන්නත් බයයි.

බෝතල් ආඩිමේ ඉන්න තව ආතල් ඩයල් එකක් තමා එඩී කියන්නේ. මේ වැඩේට සෙට් උනේ පපොයි සහ එඩී. උන් දෙන්නෙත් එක්ක කරන්නේ මන්නයා ඉන්න තැනට ගිහින් උට ඇහෙන්න හොල්මන් කතා ගැන කතා කරනවා. මන්නයා වචනයක්වත් කියන්නෙ නෑ.හැබැයි මිනිහටත් ඇහෙනවා. 

මිනිහට කියන එවා අහන් ඉන්නත් බෑ. හැබැයි අරුන් දෙන්නට කට පියන් ඉන්න කිව්වට වැඩකුත් නෑ.මොකො උන් දෙන්නා කරන්නෙ උන් දෙන්නා කරන්නෙ උන් දෙන්නාගෙ කතාවක්නෙ.

සැරයක් දෙකක් කට පියන් එන්නෙ කියල, වැඩක් නෑ. මිනිහ ඊට පස්සේ කලේ අරුන් දෙන්නගෙන් වෙන වෙන ඒවා ගැන ප්‍රශ්න අහපු එක. ටිකක් වෙලා යද්දී එකත් හරියන්නේ නෑ. මේන් පොර ඒ සැරේ හයියෙන් සින්දු කියන්න පටන් ගත්තා. ටිකක් වෙලා සින්දු කිය කිය ඉදලා මිනිහ යන්න ගියා.

එතනින් ගියාට පස්සේ පපොයි සහ එඩී කලේ මන්නයා නිදාගන්න ගිය කාමරේ ඇඳ ගාවටත් ගිහිල්ල තමන්ගේ හොල්මන් කතදරේ continue කරපු එක. 
එඩී: අඩෝ බලපන් පපොයි අයියේ අරූගේ පස්සෙන් ආපු එකා පිට මැද්දේ අත් පාරක් තියලලු ගෙදර ඇවිත් බලද්දී. නිකන් ඇඟේ මයිල් කෙලින් වුන ඒක ඇහුවම මට.
පපොයි: අප්පට සිරි....අඩෝ ඌ මැරුණද?
මන්නයා(අම්බානක මල පැන): මේ ඔයි, තමුසෙලා දෙන්න ඕන හත් ඉලව්වක් කියවගනින් සාලෙට ගිහිල්ල. මට වද නොදී.
කියපු මිනිහ කොට්ට 2 ක් කන් දෙකේ ගහගෙන රෙද්ද පොරෝගෙන අනික් පැත්ත හැරුණා. රසවත් ආතල් 1 ක් ගත්තු පපොයි සහ එඩී පශ්චත්භාගයෙනුත් හිනාවෙවී කාමරෙන් එලියට ආව.

මන්නයා හමුව

ඔන්න මකුණ නීත්‍යානුකූලව වැඩේ පටන්ගන්නයි යන්නේ. මේ කතාව කොහෙන් පටන් ගන්නද කියල හිත හිත ඉඳල තමයි අන්තිමට මෙහෙම දාන්න හිතුවේ. මේක මේ උනේ බෝඩිමට ආපු පලවෙනි දවසේ. හිටියේ තඩියයි මන්නයයි මකුනයි විතරයි.
සෑහෙන දුර බැහැරක් ගෙවාගෙන ඔන්න තඩියා මකුණව සක්වල තක්සලාවේ ඉඳන් බෝඩිමට එක්ක ආවා රෝද 3 කින්. අම්මට හුඩු, එනවා එනවා ඉවරයක් නෑ. මකුණට ෆ්ලවර් ජම්ප් වේගෙන එද්දී ඔන්න ඇවිත් බැස්සා තැනකින්.

මෙන්න ඇතුලට ගියාම ඉන්නවා 6 - 4 උස මහත දෙහෙත අන්කල් කෙනෙක් වගේ ඩයල් 1 ක්. එතන ගිය කතා බහ මෙන්න මේ වගේ 1 ක්.

තඩියා: මචන් මූ තමයි මන්නයා. අපේ ඉස්කෝලේ. අපිට වඩා අවුරුද්දක් වැඩිමල්.
මන්නයා: :D  :D     
මන්නයා: අඩෝ තඩියා ඒක නෙමේ, උඹ දන්නවද අන්න ශාරුක් ගේ අලුත් ම ෆිල්ම් 1 අවුට් කරනවා ලබන මාසේ. පිස්සු හැදෙනවා මචන්.....කාජල් ඉන්නේ මාර සිරා බන්. ඒ උඹේ නම මොකක්ද බන්?

මූට දැනුයි මකුනවා මතක් වෙලා තියෙන්නේ. කමක් නෑ කියල ඔන්න ඉතින් නම ගම විස්තර කියල දැම්ම. ටිකක් රෑ වෙලා 3 දෙනාම එලියට බැස්සා කඩේට යන්න කියල. ඔන්න ඉතින් යන මගදී මන්නයා සෑහෙන ෆිට් උනා මකුනත් එක්ක. මකුනත් ඉතින් මන්නයගේ ෆෝන් නම්බර් ඒක ඉල්ලගත්ත සේව් කරගන්න.

මන්නයා: 071-****#$%
මකුණ: එල මචන්, සේව් කරගත්ත. රින්ග් කට් 1 ක් දෙන්නන්.
මන්නයා: හරි, අඩෝ......කෝ මගේ නම දාගත්තද?? මොනවා....උඹ කොහොමද මගේ නම දන්නේ??? :ස

කතාව එතනින් ඉවරයි. තඩියටයි මටයි ඉල ඇදෙන්න හිනා. ඔන්න ඉතින් අනාගතයේ ජුකී මැෂින් කර්මාන්තයට සම්බන්ධ වෙන්න ඉන්න දීප්තිමත් ශිෂ්‍යයෙක් ගේ මීටරේ. තේරුනේ නැති කට්ටිය අපිට බනින්නෙපා හොඳේ.....මේක පලවෙනි 1 නේ.

Thursday, March 24, 2011

හොල්මන් කතා 1 - පපොයි ගේ ආතල්

හපොයි බ්ලොග් ලියනවා කියන්නේ ලේසි වැඩක් වගේ පෙනුනට එකේ ලේසි වැඩක් නෙමේ. පටන් ගත්තේ නම් උඩින්. ඒත් වැඩේ දන්නෙම නැතුව කල් ගියා.
කොහොමහරි මුල්ම කතාව හොල්මන් කතාවක්. මේක මේ බරපතල විදිහට කියනවනම් "එක්තරා දීර්ග කාලීන සිද්ධි දාමයක එක්තරා සිධියක් පමණි" කියල තමා කියන්නේ වෙන්නෙ.
මේ සිද්දිය මෙහෙම තමා  උනෙ

ස්ථානය: බෝඩිම
වෙලාව: රාත්‍රී දහයාමාරයි
පසුබිම: පපොයි බත්රූමයේ ස්නානය කරමින් සිටි (මෙදින බෝඩිමේ සිටියේ පපොයි පමණි).
විස්තරය: (පපොයි ගේම වචනයෙන්)

ඔන්න මම නාගෙන ටිකක් වෙලා යද්දී මට අනිත් සද්ද අතරින් ඇහෙනවා කව්ද මන්ද අමුතු කටහඩකින් හේනේ දිග හෑල්ලක් කියනවා. මේ වෙද්දී වට පිටාවේ ගෙල වෙලා මිනිස්සුත් නිදි නැ TV  හෙම දාලා.ඉතින් මම හිතුවා ඔය මොකක් හරි show  එහෙක කලක් තමා  කියල. එහෙම හිතල ගණන් ගත්තේ නැ.
ඔන්න දැන් නාල ඉවර වෙන්නෙත් කිට්ටුයි හැබැයි තාම අර හෑල්ලෙ නම් එහෙමම යනවා.සද්දෙ ඇහෙන්නෙ කෙලින්ම කනත්ත පැත්තෙන්(කියන්න අමතක උනා, බොඩිම පිටිපස්සෙ කනත්ත ).
හැබැයි ඇහෙන්නෙ නිකන් මහ පොන්සි වොයිස් එකකින් තමා දොඩවන්නෙ.

"දෙය්යන් වහන්සෙට බොරු කරන්න බෑ.දෙවියන් වහන්සෙ ඔක්කොම දන්නව" ඔය වගෙ යාදිනක් ටම කියවන්නෙ. සද්දෙ ඇහෙන විදිහට නම් කනත්ත මැද්දෙන් තමා සද්දෙ එන්නෙ. දැන් ටෝක්ස්  දුන්නට ඒ වෙලාවේ බොක්ක කූල් වෙලා ගියා. කතා කරන්න වත් එකෙක් නැ.
ඉතින් දඩ බඩ ගාල නැ ගෙන එලියට පැන්න. එළියටත් සද්දේ එහෙමම අහනවා.ඒත් බය ටිකක් අඩු උනා. ඒත් ඉතින් දැන් නිදා ගන්නත් ඔන්නනේ.
ඉතින් එහෙමම කතා කලා බෝඩිමේ අන්කල් ට.
කතා කරලා රැ එකොළහ හමාරට විතර බෝඩින් ෆීස් දුන්නා.
ඒ ගමන්ම අර සද්දේ ගැනත් ඇහුව.
ඒ සැරේ  අන්කල් කිව්වා ඒ කනත්ත ලග ඉන්න ගෑනු කෙනෙක් ආවේස වෙනවා කියල.
අප්පේ මම මේ නිකන් බය වෙලා තියෙන්නේ පිස්සු හොල්මනකටනේ.
එදා ඉතින් කිසි අවුලක් නැතුව නිදා ගත්තා.

  ප.ලි. "මහ රෑ ඇසුනු යාතිකාව"(හදුනා ගැනීමේ පහසුව උදෙසා මෙය මෙනමින් නම් කර ඇත.) සම්බන්ද එකම කතාව මෙය නොවේ. අනිත් කතාද ඔබ හමුවට ගෙන ඒමට බලාපොරොත්තු වෙමු

Monday, February 21, 2011

බෝඩිමේ පළමු පෝස්ටුව

මේ පෝස්ට් එක ලියන අපි වනාහි එක්තරා සක්වල තක්සලාවක (බ්ලොග් ගඩොල් ගේ යෙදුමක්) අධ්‍යාපනය ලබන ඩයල්ස් ටිකක්. රස කතා ටිකක් කියන්න තමයි අපි මේක පටන්ගත්තේ මෙහෙම. මේක ලියන්න අදහස් කරන්නේ අපේ තක්සලාවේ සහ බෝඩිමේ වෙච්චි ආතල් සිද්ධි ටිකක් හැමෝගෙම රසවින්දනය සඳහා ඉදිරිපත් කරන්නයි. ඔක්කොම පටන් කලින් මන් පොඩ්ඩක් විස්තර කරන්නන් මේක කරන අපි කට්ටිය ගැන. මේකේ ප්‍රධාන චරිත ගත්තම කීප දෙනෙක් ඉන්නවා. මම පිළිවෙලට එක එක්කෙනා ගැන කියන්නන්කෝ.

1. මන්නයා: මෙයාගේ නම මන්නයා කියුවට ඒකෙ හරි තේරුම ටිකක් වෙන එකක්. මෙයාට තව නමක් තියෙනවා ලව්ලි කියල හැබැයි ඒක එච්චර පාවිච්චියක් නෑ. ලව්ලි කියුවට ගෑනු ළමයෙක් වගේ නම් නෙමේ මහා සද්දන්ත දැවැන්ත යුග පුරුෂයෙක්. හැබැයි ගතින් කොච්චර විසාල උනත් හිතින් පොඩිම පොඩි ළදරුවෙක් වගේ ඩයල් එකක්. මෙයාගේ රස කතා එකින් එක කියන්නං.

2. පැඩී: මේ නමට ටිකක් විශේෂ හේතුවක් තියෙනවා. මේ නමේ ඉංග්‍රීසි තේරුම වගේම සිංහල තේරුමේ එක ප්‍රබේධයක් තියෙනවා අපි හැමෝම හොඳට දන්නා. ඒ විස්තර පස්සේ කියන්නං.

3. මහබඹා: මෙයා ටිකක් සයිලන්ට් ඒකෙ ඉන්න ඩයල් එකක්. මහබඹා කියුවට හරිම නම මහබූබ් වගේ එකක් තමයි.

4. පපොයි: ටිකක් ලදී මේ නම register උනත් ඒකෙ පොඩි ලස්සන කතාවකුත් තියෙනවා.

5. තඩියා: කළු මහත පොඩි වලස් තඩියෙක්ගේ ස්වරූපයක් තියෙන මෙයා කාලෙකට කලින් මේ ගැන්සියේ ප්‍රබල සාමාජිකයෙක් වෙලා ඉඳල පස්සේ retire උනා රට යන්න.

6. කුසල්: මේ මෙයාගේ ඇත්ත නම නෙමේ. ඇත්ත එක මේකේ තේරුමට ටිකක් ලඟින් යන සිංහල නමක්. ඒවායේ origin එක ගැන එහෙම කතා වෙනමම එනවා.

7. කේ.පී.: මේකේ abbreviations වලින් එන තේරුම ටිකක් අමුතු එකක්. ඒවත් පස්සට කියන්න තියාගමු නැත්තං මේ පෝස්ට් එකේ දිග වැඩි වෙනවා.

8.  මකුණා: අන්තිමට මේක ලියන මගේ නම ඔන්න ඕක. මන් ගැන කතා ඉතින් මට කියන්න දෙයක් නෙනේ යාලුවනේ. ඒ ගෙන අනික් අය දායි.

ඊළඟ පෝස්ට් එකේදි හමුවෙනකන් ජයවේවා කියුව එහෙනං ඕං.
lankeeya sithuwili