Friday, March 25, 2011

හොල්මන් කතා 2 - මන්නයා සහ හොල්මන් සින්දු

මුල් හොල්මන් කතාව අපි කිව්වනෙ. ඊලග හොල්මන් කතාව කියන්නෙ මන්නයා ගැන.

මන්නයා කියන්නෙ සද්දන්ත මහා පුරුශයෙක් උනාට මිනිහා බය දේ වල ලිස්ට් එකක් හැදුවොත් ඒ ලිස්ට් එක කොච්චර දිග එකක් වෙයිද කියන එක හිතාගන්නත් අමාරු, විවාදාත්මක දෙයක්.  කොහොම උනත් සැහෙන දිග එකක් වෙයි  කියල තමා හැම දෙනාම හිතන්නේ.


ඉතින් කියන්නේ දෙයක් නැනේ, හොල්මන් කියන්නේ මේ ලිස්ට් එකේ උඩින්ම තියෙන අයිටම් එකක් තමා. කොච්චරද කියනවනම් මිනිහ හොල්මන් කතා අහන්නත් බයයි.

බෝතල් ආඩිමේ ඉන්න තව ආතල් ඩයල් එකක් තමා එඩී කියන්නේ. මේ වැඩේට සෙට් උනේ පපොයි සහ එඩී. උන් දෙන්නෙත් එක්ක කරන්නේ මන්නයා ඉන්න තැනට ගිහින් උට ඇහෙන්න හොල්මන් කතා ගැන කතා කරනවා. මන්නයා වචනයක්වත් කියන්නෙ නෑ.හැබැයි මිනිහටත් ඇහෙනවා. 

මිනිහට කියන එවා අහන් ඉන්නත් බෑ. හැබැයි අරුන් දෙන්නට කට පියන් ඉන්න කිව්වට වැඩකුත් නෑ.මොකො උන් දෙන්නා කරන්නෙ උන් දෙන්නා කරන්නෙ උන් දෙන්නාගෙ කතාවක්නෙ.

සැරයක් දෙකක් කට පියන් එන්නෙ කියල, වැඩක් නෑ. මිනිහ ඊට පස්සේ කලේ අරුන් දෙන්නගෙන් වෙන වෙන ඒවා ගැන ප්‍රශ්න අහපු එක. ටිකක් වෙලා යද්දී එකත් හරියන්නේ නෑ. මේන් පොර ඒ සැරේ හයියෙන් සින්දු කියන්න පටන් ගත්තා. ටිකක් වෙලා සින්දු කිය කිය ඉදලා මිනිහ යන්න ගියා.

එතනින් ගියාට පස්සේ පපොයි සහ එඩී කලේ මන්නයා නිදාගන්න ගිය කාමරේ ඇඳ ගාවටත් ගිහිල්ල තමන්ගේ හොල්මන් කතදරේ continue කරපු එක. 
එඩී: අඩෝ බලපන් පපොයි අයියේ අරූගේ පස්සෙන් ආපු එකා පිට මැද්දේ අත් පාරක් තියලලු ගෙදර ඇවිත් බලද්දී. නිකන් ඇඟේ මයිල් කෙලින් වුන ඒක ඇහුවම මට.
පපොයි: අප්පට සිරි....අඩෝ ඌ මැරුණද?
මන්නයා(අම්බානක මල පැන): මේ ඔයි, තමුසෙලා දෙන්න ඕන හත් ඉලව්වක් කියවගනින් සාලෙට ගිහිල්ල. මට වද නොදී.
කියපු මිනිහ කොට්ට 2 ක් කන් දෙකේ ගහගෙන රෙද්ද පොරෝගෙන අනික් පැත්ත හැරුණා. රසවත් ආතල් 1 ක් ගත්තු පපොයි සහ එඩී පශ්චත්භාගයෙනුත් හිනාවෙවී කාමරෙන් එලියට ආව.

2 comments:

  1. මම අද තමයි මේ බ්ලොග් එක දෑක්කේ.....

    අලුතින් පටන් ගත්තු එකක් හින්දා පොඩි පොඩි අඩු පාඩු ටිකක් තිබුනත් මම ඔයාලට සුභ පතනවා.....

    මේකේ තියෙන සමහර කතා ටිකක් පෑහෑදිලි මදි..මොකද බ්ලොග් එක බලන අපිට මෙහි සදහන් චරිත ගෑන දෑනීමක් නෑහෑනේ..එහින්දා ඔය ආගිය කතා ටිකක් එහෙම දාලා මෙහි සදහන් චරිත ගෑන විස්තරයක් අපිට ඒත්තු ගන්නන්න උත්සහා කරන්න.....

    ඒ වගේම ඔයාලා මේ බ්ලොග් එක ලියන්නේ ඔයලගේම ස්ටයිල් එකකින්නේ.ඒකත් මම අගය කරනවා......

    ආ තව එකක්,ඔයාලාගේ අධ්‍යාපන කටයුතුත් හොදින් කරන්න.

    -Emo,London,UK-

    ReplyDelete
  2. එළකිරි! දිගටම ලියන්න සහෝ

    ReplyDelete

lankeeya sithuwili